ව්ශ්නු , සරස්වතී , ගනේශ , ශිව , තව නවග්‍රහ දෙවි කියලා ඉන්න සේරෝම ඈයොන්ගේ බලේ බුද්ධ බලේ ඉදිරියේ නිකන් ම නිකන් හිරු දුටු කදෝපැනියෙක් ගානයි. බුද්ධ ගුනේ තියෙන බලේ ගැන දැනගත්ත පුරාණ මන්ත්‍ර ශාස්ත්‍ර ඇදුරන් ඉන්දියාවෙන් ලැබුණු (?) මන්ත්‍ර ශාස්ත්‍රය ලංකාවට හරියන විදියට බුදු ගුණ යොදා මොඩිෆයි කර ඇති ආකාරය බලන්න ලස්සනයි. බුද්ධ බලේට අවනත නොවෙන විසේකාර යක්කුන්ට ඉන්න හිටින්න තැන් නැතිවෙන හැටි , ඔලු දෙපලු වෙන හැටි , කොටින්ම කියනවනං පංකාදු පහේ යක්ස පැටික්කියක් දා ගන්නවත් බැරිවෙන හැටි ගැන වැඩි විස්තර ඉදිරියට ආටානාටිය සුත්‍ර දේශනාවත් විග්රහ කරමින් ම ලියන්න බලාපොරොත්තු වෙනවා.
එහෙනං වැඩි විස්තර නවත්තල අපි ඒ ශාක්‍ය මුනින්ද්‍ර වූ ගෞතම බුදුන්ට , සත්ධර්මයට , ශ්‍රාවක සඟරුවනට නමස්කාර කර හිටිමු.
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
සාර අසංකෙයිය කලක් මාර පරාජය කරමින්
පාරමිතා පිරු මගේ තථාගත මුනී
අවා ගිනි සදා භවයේ නිවා දුන් සුපුන් සඳ වැනි
සුවාමිනි ඔබේ පායුග සදා වඳිනෙමි
සරා සඳ ලෙසින් බැබලෙන
නිරාමිස සුවේ වැළඳු
මරාමින මගේ බුදු හිමි
සරණ යන්නෙමි
රුවන් පබළු වටිනා ඒ
මුවින් දෙසු ඔබ බුදු බණ
දනින් වැටී වැඳ වටෙනෙමි
දොහොත් මුදුන් දී
පිළිවෙත් පිරු බුදු මග ගිය
සැරියුත් මුගලන් සඝ පෙළ
මුදුනත් දී වැඳ වැටෙන්න
ඉතින් අවසරයි
තිසරණ සරණ ගොස් පටන් ගෙන ඇති නිසා නර බිලි, කුකුළ් බිලි නොම ඉල්ලනු ඇතැයි සිතමි.
ReplyDeleteමෙහෙමයි අයිබන්, සැවුල් බිලි , නර බිලි කිව්වට බොහෝ වෙලාවලදී ඒවා නිකං සංකේත විතරයි. පුද තියෙන වෙලාවට ඔයි කරමලේ චුට්ටක් හිල් කරලා ලේ ටිකක් අරන් තටු වල ගැවහම වැඩේ ශේප්. බෙල්ල අබරවන්නම ඕනේ නැහැ. ලේ සුවඳ තිබහම අමනුශ්‍යා සතුටු වෙනවා. වැඩේ කර ගන්න ඒක ප්‍රමාණවත්. නර බිල්ලක් ඕනේ වෙන වැඩක් උනත් බහිරවය (මේ කාලේ ඕව ඕනේ වෙන්නේ නිදන් හාරන්න විතරයි. ඒවාට දිස්ටි දාගෙන ආරක්සා කොරන්නේ බහිරවයෝනේ ) එක්ක පොඩි චැට් එකක් දාල හරි අඳුනකින් විමසලා හරි ලාබෙට කර ගන්න විදියක් සකස් කරගන්න දක්ෂ කට්ටඩියෙක්ට පුළුවනි.
Deleteඉතින් මොකටෙයි මිනී මරන්නේ ??
නර බිලි, කුකුල් බිලි නොඉල්ලුවාට නරයින්ගෙන් ගේම ඉල්ලනවා නේද?
Deleteආවඩා ආයු බොහෝ වේවා........
ReplyDeleteමොකක්ද බං මට ගලවලා දාන්ඩ කියුවේ තේරෙන්ඩ කියහන්කෝ
ReplyDeleteමචන් උඹ ඇත්තම මහසෝනා ද? එහෙම නැත්නම් ලිල්ලියක් ද?
ReplyDeleteකෝ මේකෙ තියෙන්නෙ මෙච්චරද බං ?
ReplyDeleteඑහෙමයි සරත් අයියේ. මට හිතා ගන්න බැරුව ඉන්නේ මේක ලියනවද නැද්ද කියල. ගුරු මුෂ්ටිය තියාගෙන කෑලි විතරක් දීල ඇති වැඩක් නැහැ. වශී , සෙත් ශාන්ති කර්ම වගේ හැමෝම දන්නා ඒවා ලියල වැඩකුත් නැහැ. මාරණ , විද්වේශණ කර්ම වගේ ඒවා දාල වඳුරන්ට දැලි පිහි දෙන්න හිතෙන්නෙත් නැහැ. යක්කුන්ටත් තියෙන ප්‍රශ්න අප්පා !
Deleteada mantra shasthraya apen duras wenwa bn. Dn meeka danna aa inneth tik denai.ee gna sirawata dukai bn :( meeka digatama liypn.uba wage ape ekek dakimath sathutak
ReplyDelete