Sunday 15 April 2012

නමස්කාරය

මන්ත්‍ර ශාස්ත්‍රයේ උපත , විකසනය අරකද මේකද ගැන පොර ටෝක දෙන්න පුංචි පහේ යකෙක් වෙච්චි මං දන්නේ නැහැ. මේකේ දාන්නේ  මං දන්න දශමේ  විතරයි. එහෙනං කියමු බලන්න කොයි තරං වැඩකර ගනං කාර යකෙක් , පෙරේතයෙක් , බහිරවයෙක් , මල යකෙක් , පිසාචයෙක් උනත් පස්ස බල බල පුකෙං දුං දාගෙන දුවන එකම වචනය ... දන් නැත්නං දැනගනිල්ලා  ඒක තමයි බුද්ධ කියන උතුම් වචනය. ඔය මොන හයිරක්කාරයා උනත් හරියට කියන බුදුගුණ බලයට යටත්.

ව්ශ්නු , සරස්වතී , ගනේශ , ශිව , තව නවග්‍රහ දෙවි කියලා ඉන්න සේරෝම ඈයොන්ගේ  බලේ බුද්ධ බලේ ඉදිරියේ නිකන් ම නිකන් හිරු දුටු කදෝපැනියෙක් ගානයි.   බුද්ධ ගුනේ තියෙන බලේ ගැන දැනගත්ත පුරාණ මන්ත්‍ර ශාස්ත්‍ර ඇදුරන් ඉන්දියාවෙන් ලැබුණු (?) මන්ත්‍ර ශාස්ත්‍රය ලංකාවට හරියන විදියට බුදු ගුණ යොදා මොඩිෆයි කර ඇති ආකාරය බලන්න ලස්සනයි.  බුද්ධ බලේට අවනත නොවෙන  විසේකාර යක්කුන්ට ඉන්න හිටින්න තැන් නැතිවෙන හැටි , ඔලු දෙපලු වෙන හැටි , කොටින්ම කියනවනං පංකාදු පහේ යක්ස පැටික්කියක් දා ගන්නවත් බැරිවෙන හැටි ගැන වැඩි විස්තර ඉදිරියට ආටානාටිය සුත්‍ර දේශනාවත් විග්‍රහ කරමින් ම ලියන්න බලාපොරොත්තු වෙනවා.

එහෙනං වැඩි විස්තර නවත්තල අපි ඒ ශාක්‍ය මුනින්ද්‍ර වූ ගෞතම බුදුන්ට , සත්ධර්මයට , ශ්‍රාවක සඟරුවනට  නමස්කාර කර හිටිමු.

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

සාර අසංකෙයිය කලක් මාර පරාජය කරමින්
පාරමිතා පිරු මගේ  තථාගත මුනී
අවා ගිනි සදා භවයේ නිවා දුන් සුපුන් සඳ වැනි
සුවාමිනි ඔබේ පායුග සදා වඳිනෙමි

සරා සඳ ලෙසින් බැබලෙන
නිරාමිස සුවේ වැළඳු
මරාමින මගේ බුදු හිමි
සරණ යන්නෙමි

රුවන් පබළු වටිනා ඒ
මුවින් දෙසු ඔබ බුදු බණ
දනින් වැටී වැඳ වටෙනෙමි
දොහොත් මුදුන් දී

පිළිවෙත් පිරු බුදු මග ගිය
සැරියුත් මුගලන් සඝ පෙළ
මුදුනත් දී වැඳ වැටෙන්න
ඉතින් අවසරයි

Saturday 14 April 2012

ඔං එහෙනං පටං ගත්තා

දැන් ඉතින් හෙළ බ්ලොග්  අවකාසේ ලොවේ හැම ලබ්බක්ම  නියෝජනය වෙන අකාරේ බ්ලොග් තියෙනවා  නොවැ. මාරයත් බුදුන්ට වින කටින එක පැත්තකට විසික්ක කරලා මනු ලොව වැඩල සාමෙන් සෙමෙන් බ්ලොගයක් කොටාන උගේ පාඩුවේ ඉන්නවා කියලා එහෙටත් ආරන්චියි.

අපේ රජුරුවෝ සේරෝම වැඩ අතෑරලා ඕවයේ රවුන් ගහන අතොරේ කළුකුම්බර මලය උන්දැගේ  බිසෝට පොඩි දිෂ්ටි පාරක් දැම්ම පහුගිය දොහේ. ඉතින් ඒකට සාන්තිකරුමයක් කොරන්න දෙහි ගැට  ටිකක්  මතුරන්න කියලා මන්තරයක් හොයා ගන්න සිංහල බ්ලොග් අවකාසේ පීරලා කැපුන් මන්තරයක් හෙව්වත් උන්දැට හම්බවෙච්ච බිජ්ජක් නැහැ බොලං.

උන්දැට ඩෝන් ගිය පාර ඕන් මේ මංතුමා පත්කොරා යක්ස සමාගමත් නියෝජනේ කරං මනුස්ස ලෝකෙට ඇවිල්ල අපේ වැඩ කිඩ ලෝකෙට පෙන්නන්න ඇහැක් වෙන්න user commands ටිකක්  operations manual ටිකක් තොපිලට ලබා දෙන්න. ඔං කලින්ම කියුවා වැරදි commands වැරදි තැන දීල වැඩේ අල උනොත් එහෙම මං නැහැ යකුනේ!

හරි  එහෙනං  නමොවිත්තියෙන් අද ඉඳං තොවිලේ පටන් ගම්මු.