ව්ශ්නු , සරස්වතී , ගනේශ , ශිව , තව නවග්‍රහ දෙවි කියලා ඉන්න සේරෝම ඈයොන්ගේ බලේ බුද්ධ බලේ ඉදිරියේ නිකන් ම නිකන් හිරු දුටු කදෝපැනියෙක් ගානයි. බුද්ධ ගුනේ තියෙන බලේ ගැන දැනගත්ත පුරාණ මන්ත්‍ර ශාස්ත්‍ර ඇදුරන් ඉන්දියාවෙන් ලැබුණු (?) මන්ත්‍ර ශාස්ත්‍රය ලංකාවට හරියන විදියට බුදු ගුණ යොදා මොඩිෆයි කර ඇති ආකාරය බලන්න ලස්සනයි. බුද්ධ බලේට අවනත නොවෙන විසේකාර යක්කුන්ට ඉන්න හිටින්න තැන් නැතිවෙන හැටි , ඔලු දෙපලු වෙන හැටි , කොටින්ම කියනවනං පංකාදු පහේ යක්ස පැටික්කියක් දා ගන්නවත් බැරිවෙන හැටි ගැන වැඩි විස්තර ඉදිරියට ආටානාටිය සුත්‍ර දේශනාවත් විග්‍රහ කරමින් ම ලියන්න බලාපොරොත්තු වෙනවා.
එහෙනං වැඩි විස්තර නවත්තල අපි ඒ ශාක්‍ය මුනින්ද්‍ර වූ ගෞතම බුදුන්ට , සත්ධර්මයට , ශ්‍රාවක සඟරුවනට නමස්කාර කර හිටිමු.
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
සාර අසංකෙයිය කලක් මාර පරාජය කරමින්
පාරමිතා පිරු මගේ තථාගත මුනී
අවා ගිනි සදා භවයේ නිවා දුන් සුපුන් සඳ වැනි
සුවාමිනි ඔබේ පායුග සදා වඳිනෙමි
සරා සඳ ලෙසින් බැබලෙන
නිරාමිස සුවේ වැළඳු
මරාමින මගේ බුදු හිමි
සරණ යන්නෙමි
රුවන් පබළු වටිනා ඒ
මුවින් දෙසු ඔබ බුදු බණ
දනින් වැටී වැඳ වටෙනෙමි
දොහොත් මුදුන් දී
පිළිවෙත් පිරු බුදු මග ගිය
සැරියුත් මුගලන් සඝ පෙළ
මුදුනත් දී වැඳ වැටෙන්න
ඉතින් අවසරයි